අවසන් වරට යාවත්කාලීන කළේ 2024 පෙබරවාරි 8
අවසන් වරට යාවත්කාලීන කළේ 2024 පෙබරවාරි 8
මෙම PayPal ගෙවා දැමීම් කොන්දේසි සහ නියමයන් මගින් ඔබ PayPal ගෙවා දැමීමේ සේවාව (පෙර දී බහු ගෙවීම ලෙස හඳුන්වන ලද) භාවිතා කිරීම පාලනය කෙරේ. ඔබේ PayPal ගෙවා දැමීම් භාවිතය ද PayPal පරිශීලක ගිවිසුම, පිළිගත හැකි භාවිත ප්‍රතිපත්තිය, රහස්‍යතා ප්‍රකාශය , සහ ඔබ හා PayPal අතර ඇති වෙනත් අදාළ නෛතික ගිවිසුම්වල නියමයන්ට යටත් වේ.
මෙම සේවාව භාවිතා කිරීමට ඔබට යහපත් තත්ත්වයක පවතින ව්‍යාපාර PayPal ගිණුමක් තිබිය යුතු අතර PayPal ගෙවා දැමීම් භාවිතා කිරීමට අයදුම් කරන ලදුව ඒ සඳහා අපගේ අවසරය ලැබී තිබිය යුතු ය. අප විසින් අතිරේක යෝග්‍යතා නිර්ණායක පැනවීමට හෝ PayPal ගෙවා දැමීම ලද හැකි බව තවදුරටත් සීමා කිරීමට ඉඩ ඇත
අනුමත කළ පසු, ඔබේ ව්‍යාපාරයට අදාළව කොමිස් මුදල්, ප්‍රතිදාන, ත්‍යාග, දිරි දීමනා හෝ ලබන්නන් කිහිප දෙනෙකුට ගෙවීම වැනි විශාල පරිමාණයේ ගෙවා දැමීම් යැවීමට ඔබට PayPal ගෙවා දැමීම් භාවිතා කළ හැකි ය. යෝග් PayPal ගිණුම් වෙත ගෙවා දැමීම් යැවීමට තෝරා ගැනීමට ඔබට හැකි වනු ඇත.
PayPal ගෙවා දැමීම් නිමවා ඇත්තේ තොග,බහු සහ පුනරාවර්තන ගෙවීම් අවශ්‍යතා සහිත ව්‍යාපාර පාරිභෝගිකයන් සඳහා ය. ඔබ එක් වරක් සිදු කරන ගෙවීම් කිරීමට කැමති නම්, කරුණාකර එම අරමුණ සඳහා වන PayPal සේවාව භාවිතා කරන්න.
PayPal ගෙවා දැමීම් සඳහා වන ගාස්තු මෙහිදී සොයාගත හැකි ය ගාස්තු පිටුව.
ගෙවා දැමීමක් ලැබීමට ඔබේ සෑම ලබන්නෙකුටම පහත නිර්ණායක (“යෝග්‍ය ගිණුමක්”) සපුරන PayPal ගිණුමක් තිබිය යුතු ය:
ඔබේ අනුකලනය (උදාහරණයක් ලෙස ඔබ ගෙවා දැමීම් කරනුයේ කාණ්ඩයක් හෝ API අනුකලනයක් භාවිතයෙන් ද යන්න), ඔබේ ලබන්නාගේ පිහිටීම, ඉදිරිපත් කරන ලද ගෙවා දැමීම් ගණන සහ ඔබේ ලබන්නන්ගේ PayPal ගිණුම් වර්ගය සහ තත්ත්වය. ඔබගේ ලබන්නන්, ඔවුන් සහ අප අතර අදාළ පාරිභෝගික ගිවිසුම් ඇතුළුව ඔවුන්ගේ PayPal ගිණුම පාලනය කරන සියලුම අදාළ නියමයන් හා කොන්දේසිවලට යටත් වනු ඇත, . අප සහ ඔබේ ලබන්නා අතර ඇතිවන කිසිදු හෝ ගිවිසුමක ඔබ ප්රතිලාභියෙකු නොවන අතර එම ගිවිසුම් යටතේ ඔබට කිසිදු අයිතිවාසිකමක් නැත.
පහත සඳහන් හේතු ඇතුළු කුමන හෝ හේතුවක් මත PayPal ගිණුමක් භාවිතයෙන් ලබා ගන්නා ගෙවා දැමීමක් අවසන් කිරීමට, අත්හිටුවීමට හෝ ලැබීම වැළැක්වීමට අපට අයිතිය ඇත:
ඔබ ගෙවා දැමීම් උපදෙස් යවන මොහොතේ ඔබ ගෙවා දැමීම් යැවීමට අදහස් කරන්නා හට යෝග්‍ය ගිණුමක් නොමැති නම්, ගිණුමක් විවෘත කිරීමෙන් (ඔවුගේ රට තුළ අවසර දෙනු ලබන්නේ නම්)හෝ දින තිහක් (30) ඇතුළත අදාළ ගිණුම් සීමාවන් ඉවත් කිරීමට පියවර ගැනීමෙන් ඔවුන්ට ගෙවා දැමීම ලබාගත හැකි ය. මෙම කාලය තුළ ලබන්නා ගෙවීම් ලබා නොගන්නේ නම් PayPal විසින් එම ගෙවා දැමීම, අදාළ ගාස්තු අඩු කිරීමෙන් පසු PayPal විසින් නැවත එම මුදල ඔබ වෙත හරවා එවනු ඇත. තවමත් ඉල්ලා නොමැති ගෙවීමක් අවලංගු කිරීමට ඔබ අපට උපදෙස් දිය හැකිය, නමුත් PayPal හට කිසිදු ගෙවා දැමීමක් ආපසු හැරවීමට කිසිදු වගකීමක් නොමැති අතර දින තිහක් (30) ගත වීමට පෙර හිමිකම් නොකියන ගෙවීමක් අවලංගු කිරීමට හෝ ආපසු හැරවීමට අපොහොසත් වීම පිළිබඳව වග නොකියනු ඇත. හිමිකම් නොකියන ලද ශේෂය ඔබ වෙත ආපසු එවූ පසුව හිමිකම් නොකියන ලද ගෙවා දැමීමක් සම්බන්ධයෙන් ඔබ හෝ ඔබගේ ලබන්නා වෙත PayPal තවදුරටත් වග කියනු නොලබයි.
ඔබ අප වෙත සම්ප්‍රේෂණය කරන සියලුම ගෙවා දැමීම් උපදෙස්වල නිරවද්‍යතාව පිළිබඳව ඔබ සම්පූර්ණයෙන් වග කියනු ලැබිය යුතු ය. දක්වා නොමැති, අසම්පූර්ණ හෝ වැරදි ගෙවීම් උපදෙස් සඳහා හෝ එවැනි දක්වා නොමැති, අසම්පූර්ණ හෝ වැරදි ගෙවීම් උපදෙස් හේතුවෙන් අරමුදල් වැරදි ලෙස යොමු කිරීම සම්බන්ධව අපි වගකීමක් නොදරන්නෙමු. ලබන්නාගේ පරිශීලක හැඳුනුම (නිදසුනක් වශයෙන්, PayPal ගෙවන්නාගේ හැඳුනුම හෝ බාහිර හැඳුනුම්පතක්), ඊමේල් ලිපිනය හෝ ඔබ අපට සපයන ජංගම දුරකථන අංකය නිවැරදි නොවන්නේ නම් හෝ ඔබේ අපේක්ෂිත ලබන්නා වෙනුවට වෙනත් PayPal පරිශීලකයෙකු වෙත යොමු වන්නේ නම් ඒ පිළිබඳව ඔබ වගකිව යුතු ය.
ගෙවා දැමීම් උපදෙස් හෝ පරිශීලක සත්‍යායන තොරතුරු තුළ (උදාහරණයක් ලෙස ලබන්නාගේ ඊමේල් ලිපිනය සමග සම්බන්ධ ගිණුම මත වන නම) ඇතුළත් වෙනත් තොරතුරු සමග එවැනි අනන්යකාරයකයන් අනුගත නොවන්නේ වුවත් අපි සම්පූර්ණයෙන්ම පරිශීලක හැඳුනුම, ඊමේල් ලිපිනය, ජංගම දුරකථන අංකය හෝ ගෙවා දැමීම් උපදෙස් තුළ දක්වා ඇති වෙනත් තොරතුරු මත රඳා පවතින්නෙමු. ගෙවා දැමීම් උපදෙස් වල අඩංගු කිසිදු තොරතුරක් වලංගු කිරීමට අපට වගකීමක් නොමැති අතර කිසිදු තත්වයක් යටතේ අප ඔබෙන් ලබා ගන්නා ගෙවා දැමීම් උපදෙස්වල අඩංගු තොරතුරු වලට අනුකූලව අප කරන කිසිදු ගෙවා දැමීමක් සඳහා අපි වග කියනු නොලබන්නෙමු. අප විසින් දෝෂයක් හේතුවෙන් ගෙවීමක් වැරදි ලෙස යොමු කර ඇත්නම් හෝ වැරදි ලෙස යොදනු ලැබුව හොත්, අපගේ එකම වගකීම වන්නේ වැරදි ලෙස යොමු කරන ලද හෝ අහිමි වූ ගෙවීම් ප්‍රමාණය ප්‍රතිපූරණය කිරීමයි.
ඔබේ ගෙවා දැමීම් ලබන්නන් අදාළ සේවාවන් තුළින් ඔබෙන් ගෙවීම් ලැබීමට තෝරා ඇති බවත් අදාළ වන්නේ නම් අප විසින් පෙළ පණිවිඩ හෝ ඊමේල් මගින් අමතනු ලැබීමට එකඟ වන බවත් තහවුරු කරගැනීම සම්පූර්ණයෙන් ඔබේ වගකීම වෙයි. PayPal ගෙවා දැමීම භාවිත කිරීමෙන්, ඔබේ ගනුදෙනුකරුවන් සම්බන්ධ කර ගැනීමට ඔබ භාවිත කරන ඊමේල් හෝ දුරකථන අංක එක් එක් ගෙවා දැමීම් ලබන්නා විසින් ඔබට ලබා දී ඇති බවටත්, ඔබේ ගනුදෙනුකරුවන් සම්බන්ධ කර ගැනීම සඳහා ඔබ භාවිත කරන සේවා අදාළ නීති සහ රෙගුලාසිවලට අනුකූල බවටත් ඔබ නියෝජනය කරන්නෙහිය. අප ඔබේ සේවා භාවිතය සමාලෝචනය කිරීමට හෝ ඔබේ ලබන්නන් ගෙවා දැමීම් ලැබීමට ප්‍රකාශිත කැමැත්ත සපයා ඇති බවට සාක්ෂි සහ ආශ්රිත ඊමේල් හෝ පෙළ පණිවිඩ ඔබෙන් ලැබීමට අවශ්‍ය කරනු ලැබීමට ඉඩ ඇති අතර ඉල්ලීම මත එවැනි සාක්ෂි සැපයීමට ඔබ එකඟ වෙයි. මෙම ප්‍රකාශිත කැමැත්ත ලබා ගැනීමෙන්, එවැනි තොරතුරු අප සමග බෙදා ගැනීම අදාළ දත්ත ආරක්ෂණ නීති යටතේ “විකිණීමක්” නොවන බවට ඔබ එකඟ වේ.
ඔබේ ගෙවා දැමීම් ලබන්නන් සමග වන සම්බන්ධතාවයට ඔබ පූර්ණ වශයෙන් වග කියනු ලබයි. ඔබේ නිෂ්පාදන, සේවා, ඔබේ ව්‍යාපාරය හා සම්බන්ධව ඔබේ ගෙවා දැමීම් ලබන්නන් සමග සන්නිවේදනය හෝ ඔබේ PayPal ගෙවාදැමීම් භාවිතය සම්බන්ධයෙන් අපි වග නොකියන්නෙමු. PayPal ගෙවා දැමීම් භාවිතා කරන විට, PayPal හෝ එහි ඕනෑම අනුබද්ධිතයෙකු ඔබේ නිෂ්පාදන, සේවා හෝ වෙනත් ප්‍රවර්ධන සඳහා අනුග්‍රහය දක්වන බවට හෝ අනුමැතිය ලබා දෙන බවට ඔබ විසින් හැඟවීමක් නොකළ යුතු ය. PayPal ගෙවා දැමීමේ ක්‍රමයක් ලෙස පමණක් විස්තර කළ හැකි අතර අපගේ ප්‍රකාශිත ලිඛිත අවසරයකින් තොරව වෙනත් අයුරකින් සඳහන් නොකළ යුතු ය, PayPal ප්‍රවර්ධනය කිරීම හෝ PayPal හි පූර්ව අවසරයකින් තොරව ඔබේ අලෙවිකරණ ප්‍රචාරණ ලේඛනවල PayPal ගිණුමක් තැනීමට ඔබේ ලබන්නන්ට දිරි දීමෙන් වැලකිය යුතු ය. ඉහත සඳහන් කරුණු වලට අදාළ ඕනෑම ද්‍රව්‍යයක් ඉවත් කරන ලෙස PayPal ඉල්ලා සිටියහොත්, PayPal විසින් ඉල්ලීම සිදු කර පැය 48ක් ඇතුළත එවැනි දෑ වහාම ඉවත් කිරීමට ඔබ එකඟ වේ.
පාරිභෝගිකයන් හෝ පරිශීලකයන් ලෙස වන ඔවුන්ගේ තත්ත්වය හේතුවෙන් ඔවුන්ගේ PayPal මුරපද ඍජුව හෝ වක්‍රව ලබා ගැනීමට හෝ PayPal ගිණුම් පිහිටිඋවීමට හෝ ඔබේ යටිපෙළ පාරිභෝගිකයන් වෙනුවෙන් මුරපද සැකසීමට ඉල්ලා සිටීම හෝ ඒ සඳහා පෙළඹවීමක් කිරීම හෝ තෙවන පාර්ශ්වයකින් කරන පෙළඹවීමකට පහසුකම් සැපයීමක් නොකළ යුතු ය;
ඔබේ ගෙවා දැමීම්වල අරමුණ පිළිබඳව නිවැරදි තොරතුරු සැපයීමේ පූර්ණ වගකීම ඔබ සතු ය. ඔබ සපයන තොරතුරු එක්සත් ජනපද බදු වාර්තාකරණය සඳහා සහ අනෙකුත් නියාමන අවශ්‍යතාවලට අනුකූල වීම ඇතුළු වෙනත් දේ සඳහා භාවිතා කරනු ඇත. එක්සත් ජනපද අභ්‍යන්තර ආදායම් කේතයේ (IRC) 6050W සහ 3406 වගන්ති ඇතුළු අදාළ රෙගුලාසි යටතේ වාර්තාකරණ සහ රඳවාගැනීමේ බැදීම් තීරණය කිරීම ඇතුළු සියලු අරමුණු සඳහා ඔබේ තේරීම මත PayPal රඳා පවතියි. ගෙවා දැමීමක් සිදු කරන අතර ඔබ ගෙවා දැමීම් වර්ගය නොදක්වන්නේ නම්, එම ගෙවා දැමීම IRC හි 6050W සහ 3406 වගන්ති ඇතුළු අදාළ රෙගුලාසිවලට යටත්ව වාර්තා කළ යුතු ගෙවීමක් ලෙස සැලකීමට PayPal හට සිදු විය හැකි ය.
PayPal ගෙවා දැමීම් පඩිපත්, නිෂ්පාදන අලෙවි කිරීම, පවුලේ අයට සහ මිතුරන්ට මුදල් යැවීම, මිල දී ගැනීමක් සඳහා ව්‍යාපාරිකයෙකුට ගෙවීම, අගුළු හැරීමේ කේත මිල දී ගැනීම හෝ පිළිගත හැකි මට්ටමට වඩා වැඩි අවදානමක් ඇති කරන භාවිතයක් සඳහා භාවිතා නොකළ යුතු ය. අපගේ තනි අභිමතය පරිදි ඕනෑම වේලාවක තවදුරටත් සීමාවන් එකතු කළ හැකි ය.
ඔබ PayPal සහ PayPal ගෙවා දැමීම් සේවාවන් අවභාවිත කරන බව, PayPal සහ PayPal ගෙවා දැමීමේ සේවාවන් ඔබ භාවිතා කිරීමේදී පිළිගත හැකි මට්ටමට වඩා වැඩි අවදානමක් ඇති බව හෝ ඔබ මෙම නියමයන් උල්ලංඝනය කරන බව අප තීරණය කළහොත් අපගේ වෙනත් අයිතීන් සහ ප්‍රතිකර්ම සීමා කිරීමකින් තොරව අප විසින් PayPal ගෙවා දැමීම් සේවාව වෙත ඔබගේ ප්‍රවේශය අත්හිටුවීමට හෝ අවසන් කිරීමට ඉඩ ඇත