අවසන් වරට යාවත්කාලීන කළේ 2007 මාර්තු 8
අවසන් වරට යාවත්කාලීන කළේ 2007 මාර්තු 8
මෙම eBay බිල් කිරීමේ ගිවිසුම ("බිල් කිරීමේ ගිවිසුම") PayPal, Inc., PayPal CA Limited සහ PayPal Pte. Ltd (සාමූහිකව "PayPal"), eBay Inc. ("eBay") සහ ඔබ අතර වේ.
eBay විසින් ඔබගේ PayPal ගිණුමෙන් මුදල් අය කරන විට PayPal සෑම විටම පළමුව ඔබගේ PayPal ශේෂයෙන් අරමුදල් ලබාගැනීමට උත්සාහ කරනු ඇත. ඔබගේ ශේෂයේ අරමුදල් ප්‍රමාණවත් නොවේ නම්, මෙම බිල් කිරීමේ ගිවිසුම සඳහා ඔබ විසින් සකසා ඇති අභිරුචි මූල්‍යන මූලාශ්‍රය වෙතින් මුදල් අය කිරීමට PayPal උත්සාහ කරනු ඇත. අභිරුචි මූල්‍යන මූලාශ්‍රය අසමත් වන්නේ නම් (උදාහරණය ලෙස ණයපතක් කල් ඉකුත් වන්නේ නම්), එවිට PayPal විසින් ඔබගේ PayPal ගිණුම තුළ පවතින වෙනත් ලද හැකි මූල්‍යයන මූලාශ්‍රයක් භාවිතා කරනු ඇත. ඔබගේ PayPal ගිණුමට ණය පත් හෝ හර පත් එකක් හෝ කිහිපයක් සබැඳි කර ඇත්නම් හැර, මෙම බිල් කිරීමේ ගිවිසුම සමඟ භාවිතා කිරීම සඳහා මූල්‍යන මූලාශ්‍රය අක්‍රිය කිරීමට ඔබට හැකියාව ඇති අතර, එසේ කාඩ්පත් සබැදි කර ඇත්නම් අවම වශයෙන් මෙයින් එක් කාඩ්පතක්වත් බිල් කිරීම සඳහා සක්‍රිය කළ යුතුය.
ලියාපදිංචි ප්‍රවාහය තුළ, ඔබ PayPal වෙබ් අඩවියට ලොගින් වන විට ගිණුම් පැතිකඩ පටිත්ත යටතේ ඇති ඍජු ගෙවීම් තුළින් ඕනෑම වේලාවක අභිරුචි මූල්‍යයන මූලාශ්‍රයක් තේරීමට හෝ තේරීම ඉවත් කිරීමටත්, වෙනත් මූල්‍යන මූලාශ්‍ර සක්‍රිය හෝ අක්‍රිය කිරීමටත් ඔබට හැකිය.