අවසන් වරට යාවත්කාලීන කළේ 2014 ඔක්තෝබර් 8
අවසන් වරට යාවත්කාලීන කළේ 2014 ඔක්තෝබර් 8
මෙම ප්‍රතිපත්තිය පහත රටවල සිටින පරිශීලකයින්ට අදාළ වේ: ඇල්බේනියාව, ඇල්ජීරියාව, ඇන්ටිගුවා සහ බාර්බියුඩා, බාබඩෝස්, බෙලීස්, බොස්නියාව සහ හර්සිගොවීනාව, ඩොමිනිකා, ඊජිප්තුව, ෆීජි, ප්‍රංශ පොලිනීසියාව, ග්‍රෙනඩාව, ලෙසොතෝව, මලාවි, නව කැලිඩෝනියාව, පලාවු, ශාන්ත කිට්ස් සහ නෙවිස්, ශාන්ත ලුසියා, සීෂෙල්ස් දූපත්, ට්‍රිනිඩැඩ් සහ ටොබාගේ, ටර්ක්ස් සහ කයිකොස්.
මෙම PayPal අරමුදල් ලැබීමේ සහ ස්වයංක්‍රීය මාරු කිරීමේ ගිවිසුම ("ගිවිසුම") ඔබ සහ PayPal අතර ඇතිවන එකඟතාවකි. මෙම ගිවිසුම, පරිශීලක ගිවිසුම සහ වෙනත් අදාළ ගිවිසුම්වලට අමතර වශයෙන් ඔබ හට අදාළ වේ. කැපිටල් අකුරින් දක්වා ඇති සියලුම යෙදුම්වල අර්ථ නිරූපණයන් මෙම ගිවිසුමේ දක්වා ඇති අතර යම් අර්ථ නිරූපණයක් මෙම ගිවිසුම තුළ දක්වා නොමැති නම්, පරිශීලක ගිවිසුමේ සඳහන් අර්ථ නිරූපණය අදාළ වෙනු ඇත. ඔබ මෙම ගිවිසුමේ දක්වා ඇති සියලුම කොන්දේසි සහ නියම කියවා, එකඟ වී පිළිගත යුතු වන්නේය. මෙම ගිවිසුම අප විසින් ඕනෑම වේලාවක සංශෝධනය කෙරෙනු ඇති අතර අපගේ වෙබ් අඩවිය තුළ සංශෝධිත අනුවාදය පල කෙරෙනු ඇත. එසේ පල කරන සමාලෝචිත අනුවාදය එතැන් සිට බලාත්මක වෙනු ඇත. මීට අමතරව, එම සමාලෝචිත අනුවාදයට යම් සාරානුකූල වෙනසක් ඇතුළත් වන්නේ නම්, අපගේ වෙබ් අඩවියේ "ප්‍රතිපත්ති යාවත්කාල" පිටුවේ දැන්වීමක් පළ කිරීම මගින් ඔබට එම සාරානුකූල අනුවාදය පිළිබඳව දින 30කට පෙර දැනුම් දෙනු ඇත්තේය.
PayPal අරමුදල් ලැබීම සහ ස්වයංක්‍රීය මාරු කිරීම මගින් ඔබගේ PayPal ගිණුම වෙත ගෙවීම් ලැබීමට සහ එම මුදල් ස්වයංක්‍රීයවම ඔබ විසින් සබැඳි කර ඇති එක්සත් ජනපද බැංකු ගිණුමට හෝ Visa ණයපත වෙත මාරු කරගැනීමට ඉඩ සලසා දෙනු ලබයි. ඔබ ලබන්නා වූ සියලුම ගෙවීම් දින 30 ක රැඳවුම් කාල සීමාවකට යටත් වේ. ගෙවීම් ලැබීම සඳහා PayPalහි අවශ්‍යතා අවබෝධ කරගැනීමට කරුණාකර මෙම නියම සහ කොන්දේසි හා කියවන්න.
මාසික ගෙවීම් ප්‍රමාණය | ගාස්තුව | ගාස්තු ප්‍රවර්ගය | |||||
---|---|---|---|---|---|---|---|
$0.01 - $3,000.00 USD (හෝ සමාන මුදලක්) | 4.9% + ස්ථාවර ගාස්තුව | සම්මත ගාස්තු අනුපාතය | |||||
$3,000,01 - $10,000.00 USD (හෝ සමාන මුදලක්) | 4.4% + ස්ථාවර ගාස්තුව | ව්‍යාපාරික අනුපාතිකය | |||||
$10,000.01 - $100,000.00 USD (හෝ සමාන මුදලක්) | 4.2% + ස්ථාවර ගාස්තුව | ව්‍යාපාරික අනුපාතිකය | |||||
$100,000.01 සහ ඉහළ USD (හෝ සමාන මුදලක්) | 3.9% + ස්ථාවර ගාස්තුව | ව්‍යාපාරික අනුපාතිකය |
ව්‍යවහාර මුදල | ස්ථාවර ගාස්තුව | |||
---|---|---|---|---|
ඔස්ට්‍රේලියානු ඩොලර්: | $0.30 AUD | |||
බ්‍රසීල රියාල්: | R$0.60 BRL | |||
කැනේඩියානු ඩොලරය: | $0.30 CAD | |||
චෙක් කොරූනා: | 10.00 CZK | |||
ඩේනිෂ් ක්‍රෝනර්: | 2.60 DKK | |||
යූරෝ: | €0.35 EUR | |||
හොං කොං ඩොලර්: | $2.35 HKD | |||
හංගේරියානු ෆොරින්ත්: | 90 HUF | |||
ඊශ්‍රායල් ෂේකෙල්: | 1.20 ILS | |||
ජපන් යෙන්: | ¥40 JPY | |||
මැලේසියානු රිංගිට්: | 2.00 MYR | |||
මෙක්සිකානු පෙසෝ: | 4.00 MXN | |||
නවසීලන්ත ඩොලර්: | $0.45 NZD | |||
නෝවීජියානු ක්රෝනා: | 2.80 NOK | |||
පිලිපීන පෙසෝ: | 15.00 PHP | |||
පෝලන්ත ස්ලොටික්: | 1.35 PLN | |||
සිංගප්පූරු ඩොලර්: | $0.50 SGD | |||
ස්වීඩන් ක්රෝනා: | 3.25 SEK | |||
ස්විස් ෆ්රෑන්ක්: | 0.55 CHF | |||
නව තායිවාන ඩොලර්: | $10 TWD | |||
තායි බාත්: | 11 THB | |||
එක්සත් රාජධානි ස්ටර්ලිං: | £0.20 GBP | |||
ඇමෙරිකානු ඩොලර්: | $0.30 USD |