අවසන් වරට යාවත්කාලීන කළේ 2018 මැයි 25
අවසන් වරට යාවත්කාලීන කළේ 2018 මැයි 25
ඔබ අපගේ වෙබ් අඩවි, සේවා, යෙදුම්, මෙවලම් හෝ පණිවුඩකරණය වෙත පිවිසෙන විට හෝ ඒවා සමග කටයුතු කරන විට අප හෝ අපේ බලයලත් සේවා සැපයුම්කරුවන් විසින් කුකී, වෙබ් බීකන හා වෙනත් සමාන තාක්ෂණයන් භාවිතයෙන් ඔබට වඩා හොඳ, වේගවත් හා ආරක්ෂාකාරී අත්දැකීමක් ලබා දීමට සහ ප්‍රචාරණ අරමුණු සඳහා තොරතුරු ගබඩා කරනු ඇත.
මෙම පිටුව නිර්මාණ සැලසුම් කර ඇත්තේ මෙම තාක්ෂණ සහ අපගේ අඩවි හා සේවා, යෙදුම් හා මෙවලම් තුළ අප විසින් ඒවා භාවිත කරන ආකාරය පිළිබඳ ඔබට වඩා හොඳින් අවබෝධ කර ගැනීමට උපකාරී වන ලෙසය. අප විසින් එබඳු තාක්ෂණයන් භාවිතා කරන ආකාරය පිළිබඳ ඔබ දැන සිටිය යුතු මූලික කරුණු කිහිපයක සාරාංශයක් පහත දැක්වේ. ඔබට පහතින් අපේ සම්පූර්ණ පරිශීලක කුකී නිවේදනයේ අන්තර්ගතයන් සමාලෝචනය කළ හැකිය.
අපගේ කුකී හා සමාන තාක්ෂණයන්ට විවිධ ක්රියාකාරීත්වයන් පවතී. ඒවා අපේ සේවාවන්හි ක්‍රියාකාරීත්වයට, අපගේ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කිරීමට උපකාරීවීමට, ඔබට අතිරේක ක්රියාකාරීත්වයන් ලබා දීමට අවශ්‍ය වීමට හෝ ඔබට අදාළ හා ඉලක්කගත වෙළෙඳ දැන්වීම් ලබාදීමට අපට උපකාරී වීමට හැකිය. ඔබ විසින් ඔබේ බ්‍රවුසරය (සැසිය) සක්‍රිය පවත්වාගන්නා හා ඔබේ උපාංගයේ දීර්ඝ කාලයක් සඳහා (ස්ථාවරව) පවතින කුකී හා සමාන තාක්ෂණයන් තිබෙන තාක් අපි ඔබේ උපාංගයේ පවතින කුකි හා සමාන තාක්ෂණයන් භාවිතා කරන්නෙමු. ඔබේ උපාංගය මගින් එසේ කිරීමට ඉඩ දෙන්නේ නම් මෙම කුකි අවහිර කිරීමට, මැකීමට හෝ අක්‍රිය කිරීමට ඔබට නිදහස තිබේ. ඔබට ඔබගේ බ්‍රවුසර් හෝ උපාංග සැකසුම් තුළ ඔබේ කුකි හා කුකි අභිමතයන් කළමනාකරණය කළ හැකිය.
හැකි විට, අපගේ කුකි හා සමාන තාක්ෂණයන් ලෙස අනවසරයෙන් ප්‍රවේශ වීම වැළැක්වීම සඳහා ආරක්ෂක ක්‍රමවේදයන් සකස් කොට තිබේ. කුකි දත්ත වෙත ප්‍රවේශය ඇත්තේ අපට හා/හෝ අපගේ බලයලත් සේවා සැපයුම්කරුවන් වෙත පමණක් බව සහතික කර ගැනීම සඳහා අනන්‍ය හැඳුනුම්කාරකයක් යොදා ගැනේ.
සේවා සැපයුම්කරුවන් යනු අඩවි මෙහෙයුම්, සේවා, යෙදුම්, වෙළඳ දැන්වීම හා මෙවලම් වැනි අපගේ ව්‍යාපාරයේ විවිධ සංරචක සම්බන්ධයෙන් අපට උපකාර වන සමාගම් වේ. අප විසින් ඔබට අපගේ සේවා තුළ හා අන්තර්ජාලයෙහි වෙනත් ස්ථානවල දී අදාළ වෙළෙඳ දැන්වීම් සැපයීම සඳහා අපට උපකාර කිරීමට බලයලත් සේවා සැපයුම්කරුවන් යොදා ගන්නෙමු. මෙම සේවා සැපයුම්කරුවන් අපගේ සේවා හරහා ඔබේ උපාංගය මත ද කුකි පිහිටවනු ලැබිය හැක (තෙවැනි පාර්ශ්වීය කුකි). ඔවුන් විසින් IP-ලිපිනය හෝ වෙනත් අනන්‍ය උපාංග හැඳුනුම්කාරකයන් වැනි ඔවුන්ට ඔබේ උපාංගය හඳුනා ගැනීමට උපකාරී වන තොරතුරු රැස් කරනු ලැබිය හැක.
බොහෝ අඩවි මෙන්ම අපි ද ඔබ අපේ අඩවි, සේවා, යෙදුම්, පණිවුඩකරණය හා මෙවලම් වෙත පිවිසෙන හෝ ඒවා සමග කටයුතු කරන ඕනෑම විටක යම් යම් තොරතුරු ඛණ්ඩ පටිගත කිරීමට අපට ඉඩ සලසන ඔබේ පරිගණකයෙහි, ටැබ්ලටයෙහි, ජංගම දුරකථනයෙහි හෝ වෙනත් උපාංගයක (පොදුවේ “උපාංග” ලෙස හඳුන්වනු ලැබෙන) පිහිටවනු ලබන කුඩා දත්ත ගොනු වන තාක්ෂණයන් භාවිතා කරමු.
අප විසින් භාවිතා කරන කුකී, වෙබ් බීකන හා වෙනත් සමාන තාක්ෂණයන්ගේ විශේෂිත නාමයන් හා වර්ග කලින් කලට වෙනස් විය හැක. ඔබට මෙම ප්‍රතිපත්තිය හා අප විසින් එවන් තාක්ෂණයන් භාවිතා කරන ආකාරය පිළිබඳ වඩා හොඳ අවබෝධයක් ලබා ගැනීමට උපකාරී වීම සඳහා අප විසින් පහත සීමිත ශබ්ද මාලාව හා නිර්වචන සපයනු ලැබ තිබේ:
කුකි – ඔබ වෙබ් අඩවියක් වෙත පිවිසෙන විට හෝ පණිවුඩයක් බලන විට ඔබේ බ්‍රවුසරයේ හෝ උපාංගයේ පිහිටුවන කුඩා පෙළ ගොනු (සාමාන්‍යයෙන් අක්ෂර හා ඉලක්කම් භාවිතයෙන් ගොඩ නැගේ). කුකි මගින් වෙබ් අඩවියකට විශේෂිත උපාංගයක් හෝ බ්‍රවුසරයක් හඳුනාගැනීමට අවකාශ සලසයි. කුකි ආකාර කිහිපයකි:
කුකී බොහෝ වාණිජ බ්‍රවුසර්වල ඇති මෙවලම් මගින් අක්‍රිය කිරිමට හෝ ඉවත් කිරීමට හැකිය. ඔබ භාවිතා කරන එක් එක් බ්‍රවුසරය සඳහා අභිමතයන් වෙන වෙනම පිහිටවනු ලැබිය යුතු අතර විවිධ බ්‍රවුසර මගින් විවිධ ක්රියාකාරීත්වයන් හා විකල්ප පිරිනමයි.
වෙබ් බීකන – අපගේ පරිශීලකයන් හා පරිශීලක චර්යා හඳුනා ගැනීම සඳහා සාමාන්‍යයෙන් කුකී සමග එක්ව කටයුතු කරන, අපගේ අඩවි, සේවා, යෙදුම්, පණිවුඩකරණය හා මෙවලම්වල ඇතුළත් කරනු ලැබිය හැකි කුඩා චිත්‍රණ අනුරූ (“පික්සල් ටැග්” “පැහැදිලි GIF” ලෙස ද හැඳින්වේ).
සමාන තාක්ෂණයන් – සැණෙලි කුකි, HTML 5 කුකි හා වෙනත් වෙබ් යෙදුම් මෘදුකාංග ක්‍රමවේද වැනි ස්ථානීය බෙදාගත් වස්තු හෝ බෙදාගත් ගබඩා ඉඩ ප්‍රයෝජනයට ගනිමින් ඔබේ බ්‍රවුසරයේ හෝ උපාංගයේ තොරතුරු ගබඩා කරන තාක්ෂණයන්. මෙම තාක්ෂණයන්ට ඔබේ සෑම බ්‍රවුසරයක් පුරාම ක්‍රියා කළ හැකි අතර ඇතැම් අවස්ථාවන්හි ඔබේ බ්‍රවුසරයෙන් සම්පූර්ණයෙන්ම කළමනාකරණය කරනු නොලැබීමට ද ඍජුවම ඔබේ ස්ථාපිත යෙදුම් හෝ උපාංගය මගින් කළමනාකරණය කරනු ලැබීම අවශ්‍ය වීමට ද ඉඩ තිබේ. අපි මෙම තාක්ෂණයන් අපගේ වෙබ් අඩවි තුළ හෝ ඒවායෙන් බැහැරව ඔබ වෙත වෙළඳ දැන්වීම් ඉලක්ක කිරීමේ අරමුණින් තොරතුරු ගබඩා කිරීමට භාවිතා නොකරන්නෙමු.
“කුකී” හෝ “සමාන තාක්ෂණයන්” යන වදන් අපගේ ප්රතිපත්තීන් තුළ අප විසින් ඔබේ බ්‍රවුසරය හෝ උපාංගය තුළ දත්ත ගබඩා කිරීමට භාවිතා කරන හෝ තොරතුරු රැස් කරන හෝ ඉහත විස්තර කරන ලද ආකාරයට ඔබව හඳුනා ගැනීමට අපට උපකාරි වන සියලු තාක්ෂණයන් හැඳින්වීමට අප විසින් යොදා ගනු ලැබිය හැකිය.
අපි කුකී භාවිතා කිරීමට හේතුව
අපගේ කුකී හා සමාන තාක්ෂණයන්ට විවිධ ක්රියාකාරීත්වයන් පවතී. ඒවා අපේ සේවාවන්හි ක්‍රියාකාරීත්වයට, අපගේ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කිරීමට උපකාරීවීමට, ඔබට අතිරේක ක්රියාකාරීත්වයන් ලබා දීමට අවශ්‍ය වීමට හෝ ඔබට අදාළ හා ඉලක්කගත වෙළෙඳ දැන්වීම් ලබාදීමට අපට උපකාරී වීමට හැකිය. අපි සැසි සහ ස්ථාවර කුකි හා සමාන තාක්ෂණයන් ද භාවිතා කරන්නෙමු.
සාමාන්‍යයෙන්, මෙම තාක්ෂණයන් මගින් අපගේ අඩවි, සේවා, යෙදුම් හා මෙවලම්වලට ඔබේ බ්‍රවුසරය හෝ උපාංගය තුළ අදාළ තොරතුරු ගබඩා කිරීමට අවකාශ සලසා පසුව ඔබේ උපාංගය අපේ සර්වර් හෝ අභ්‍යන්තර පද්ධති තුළට හඳුනා ගනු ලැබීමට එම තොරතුරු කියවනු ලබයි. අදාළ තැන්වල, කුකි හා සමාන තාක්ෂණයන්ට අප විසින් පමණක් අර්ථ නිරූපණය කළ හැකි පරිදි සකසන ලද අනන්‍ය හැඳුනුම්කාරක පැවරීම මගින් අපට හා/හෝ අපගේ බලයලත් සේවා සැපයුම්කරුවන්ට පමණක් ඒවා අර්ථ නිරූපණය කළ හැකි බව සහතික කිරීමට හැකි වන පරිද්දෙන් අපි ඒවා ආරක්ෂා කරමු.
අප විසින් එබඳු තාක්ෂණයන් භාවිතා කිරීම පහත සාමාන්‍ය වර්ගීකරණවලට යටත් වේ:
ඉහත 2 වැනි ප්‍රවර්ගයේ සිට 4 වැනි ප්‍රවර්ගය දක්වා මෙකී තාක්ෂණ භාවිතයෙන් අප විසින් රැස් කර ගබඩා කරන කවර හෝ පුද්ගලික තොරතුරක් ඔබ අපේ අඩවිය වෙත පළමු වතාවට පිවිසුණු විට පැහැදිලි අනාවරණයක් ඔස්සේ ලබාගත් ඔබේ කැමැත්ත මත පදනම් වේ. පහත විස්තර කර ඇති පරිදි ඔබට මෙම කැමැත්ත ඔබේ බ්‍රවුසර් සැකසුම් වෙතින් ඉවත් කර ගත හැකිය.
පහත බ්‍රවුසර් සඳහා කුකි වින්යාසකරණයක් සකස් කරන ආකාරය පිළිබඳ බ්‍රවුසරයට විශේෂිත තොරතුරු සඳහා කරුණාකර පහත අදාළ සබැඳිය ක්ලික් කරන්න:
- Firefox
- Chrome
- Safari
- iOS
අපගේ අවසරය සහිතව අපගේ අඩවි මත හෝ අපගේ සේවා, යෙදුම් හා මෙවලම් තුළ තොරතුරු ගබඩා කිරීම සඳහා තෙවැනි පාර්ශ්වීය කුකි, වෙබ් බීකන හෝ සමාන තාක්ෂණයන් පිහිටුවීමට බලයලත්, පොදුවේ සේවා සම්පාදකයන් ලෙස හැඳින්වෙන, තෙවැනි පාර්ශ්වීය සමාගම් සමග අප කටයුතු කළ හැකිය. මෙම සේවා සැපයුම්කරුවෝ ඔබට වඩා හොඳ, වේගවත් හා ආරක්ෂාකාරී අත්දැකීමක් සැපයීම සඳහා අපට සහාය වෙති.
මෙම සේවා සැපයුම්කරුවන් අපගේම අන්තර්ගත හා ප්‍රචාරණයන් බෙදා හැරීමට හා නිර්නාමික අඩවි මිතීන් හා විශ්ලේෂණයන් සම්පාදනය කිරීමට අපට උපකාරී වීමට මෙම තාක්ෂණයන් භාවිතා කරනු ලැබිය හැක. මෙම සේවා සැපයුම්කරුවන් කිසිවෙකුට ඔවුන්ගේම වූ අරමුණු සඳහා අපගේ අඩවි මත හෝ අපගේ සේවා, යෙදුම් හෝ මෙවලම් තුළ ඔබේ කවර හෝ පුද්ගලික තොරතුරක් රැස් කිරීමට අප අවසර ලබා නොදෙමු. මෙම සේවා සැපයුම්කරුවෝ අප සමග වන රහස්‍යතා ගිවිසුම්වලට හා කවර හෝ පුද්ගලික තොරතුරක් භාවිතා කිරීම හෝ රැස් කිරීම සම්බන්ධ වෙනත් නෛතික සීමාවලට යටත් වෙති. තෙවැනි පාර්ශ්වීය කුකී තෙවැනි පාර්ශ්වයේ රහස්‍යතා ප්‍රතිපත්තිය මගින් ආවරණය වේ.
එබඳු තාක්ෂණයන් අපගේ සේවා සම්පාදකයන් හෝ වෙනත් බලයලත් තෙවැනි පාර්ශ්වයන් මගින් භාවිතා කරනු ලැබීමේ ව්‍යතිරේකයට යටත්ව, ඔබේ පුද්ගලික තොරතුරු නිරීක්ෂණය කර පවත්වාගෙන යාම සඳහා වෙබ් අඩවි මත කවර හෝ තෙවැනි පාර්ශ්වීය අන්තර්ගතයකට (අයිතම ලැයිස්තු කිරීම්, සාමාජිකයාගෙන් සාමාජිකයාට සන්නිවේදන, වර්ගීකෘත ලැයිස්තු කිරීම්, අදහස් දැක්වීම්, සමාලෝචන ආදී) කිනම් හෝ කුකියක්, වෙබ් බීකනයක්, ස්ථානීය ගබඩා ඉඩක් හෝ සමාන තාක්ෂණයක් ඇතුළත් කිරිමට හෝ භාවිතා කිරීමට අපි අවසර නොදෙන්නෙමු. ලැයිස්තුගත කිරීමක් හෝ වෙනත් තෙවැනි පාර්ශ්වීය අන්තර්ගතයකින් පුද්ගලික තොරතුරු රැස් කරන්නේ යැයි හෝ අපගේ අඩවි මත නිරික්සුම් තාක්ෂණයන් භාවිතා කරන්නේ යැයි ඔබ විශ්වාස කරන්නේ නම් එය phishing@paypal.com වෙත වාර්තා කරන්න.
ඔබට දැන්වීම් සැපයීම සඳහා අපට ඉඩදීම පිණිස අප විසින් ප්‍රචාරණ ජාල හා හුවමාරු කිරීම් වැනි තෙවැනි පාර්ශ්වයන් භාවිතා කරනු ලැබිය හැක. මෙම තෙවැනි පාර්ශ්වීය ප්‍රචාරණ ජාල හා හුවමාරු සැපයුම්කරුවන් විසින් අපේ අඩවිය හෝ අන්තර්ජාලයේ වෙනත් ස්ථාන වෙත ඔබේ පිවිසීම් පිළිබඳ තොරතුරු රැස් කිරීමට තෙවැනි පාර්ශ්වීය කුකි, වෙබ් බීකන හෝ සමාන තාක්ෂණයන් භාවිතා කරනු ලැබිය හැකිය. ඔවුන් ඔබේ උපාංග හැඳුනුම්කාරකය, IP ලිපිනය හෝ ප්‍රචාරණය සඳහා හැඳුනුම්කාරකය (IDFA) රැස් කර ගනු ලැබිය හැක. මෙම තෙවැනි පාර්ශ්වයන් විසින් රැස් කරනු ලබන තොරතුරු අපගේ වෙබ් අඩවිවල හෝ අන්තර්ජාලයේ වෙනත් ස්ථානවල දී ඔබ වෙත වඩාත් අදාළත්වයකින් යුත් දැන්වීම් සැපයීම සඳහා යොදා ගැනීඹට ඉඩ ඇත. තෙවැනි පාර්ශ්වීය කුකි තෙවැනි පාර්ශ්වයේ රහස්‍යතා ප්රතිපත්තිවලින් ආවරණය කරනු ලැබේ.
තෙවැනි පාර්ශ්වීය ප්‍රචාරණාත්මක කුකි, රුචිකත්වය මත පදනම් වූ ප්‍රචාරණය සහ කර්මාන්ත ස්වයං නියාමනය සඳහා සහභාගි වන සමාගම් මගින් එම පරිචයෙන් ඉවත් වන්නේ කෙසේ ද යන්න පිළිබඳ වැඩි විස්තර සඳහා ඔබේ මව්රට මත පදනම්ව අදාළ වෙබ් අඩවිය වෙත පහතින් පිවිසෙන්න:
කැලිෆෝනියාවේ නීතිය මගින් අප විසින් වෙබ් බ්‍රවුසරයේ නිරීක්ෂණය කිරීමෙන් වළකින්න (DNT) සංඥාවලට ප්‍රතිචාර දක්වන ආකාරය ඔබට දැන්වීමට නියම කරයි. දැනට DNT සංඥා හඳුනාගැනීම සඳහා කර්මාන්ත හෝ නෛතික සම්මතයක් නොමැති බැවින් අප මේ මොහොතේ ඒවාට ප්‍රතිචාර නොදක්වන්නෙමු. එබඳු ප්‍රතිචාරයක් යෝග්‍ය වන්නේ කවර විටක දැයි හා එය කවර ස්වරූපයක් ගන්නේ ද යන්න නිර්ණය කිරීම සඳහා රහස්‍යතා ප්‍රජාව මගින් හා කර්මාන්තය තුළ සිදු කරන ලද කෘතීන්ගේ ප්‍රතිඵල ලැබෙන තුරු අපි බලා සිටිමු.